පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර මෑතක දී අත්සන් තැබූ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ පිටපතක් බවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයේ සත්‍ය පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉල්ලා සිටීමත් සමග අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මේ අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය වන අද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ වැය ශිර්ෂය පිළිබඳ විවාදය දැන් පැවැත්වෙනවා.

Share