පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී
තිබෙනවා.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙක් මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර ඇතැයි සඳහන්.
අනෙක් දෙදෙනා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.
ප්‍රහාරයෙන් පැරා මිලිටරි සෙබළුන් තිදෙනෙක් මියගොස් ඇති අතර තවත් පස්දෙනක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේපසුගිය මාසයේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමා ගැටුම් වලින් පසුව, කලාපයේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය සටන්කාමීන් මෑත සතිවලදී ප්‍රහාර උත්සන්න කර ඇති බවයි.





