පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි දේවස්ථානයක් අසල ඊයේ පස්වරුවේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසු පාකිස්තානයේ අමෙරිකානු තානාපති කාර්යාලය එරට වෙසෙන අමෙරිකානුවන් සඳහා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 169 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තවත් 31 දෙනෙකු ජිවිතක්ශයට පත්වුණා.
මේ හේතුවෙන්, අමෙරිකාව පාකිස්තානයේ වෙසෙන අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විශාල වශයෙන් සිදු කෙරෙන මහජන ඒකරාශී වීම් වළක්වා ගන්නා ලෙසයි.
පුද්ගලික ආරක්ෂාව සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ද තානාපති කාර්යාලය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.





