ප්‍රින්ස් සුල්තාන් කඳවුරට ප්‍රහාරයක්

ඉරානයට එරෙහිව එල්ල කරන ඇමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරානයේ පාසල් 600කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව ජාත්‍යන්තර රතු අඩසඳ සහන සේවා ඒකකය සදහන් කරනවා.
ඔවුන් පවසන්නේ මෙම ප්‍රහාර හේතුවෙන් ගුරුවරුන් සහ සිසුන් 1000කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි.
මේ අතර සෞදි අරාබියේ අල් කර්ජ් ප්‍රදේශයේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කල මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇමරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානා කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

අමෙරිකාව මේ සතියේදී ඉරානය සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ප්‍රකාශ කරනවා.
මෙහිදී අමෙරිකානු පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති කරුණු 15කින් යුත් විශේෂ ගිවිසුම් කෙටුම්පත සම්බන්ධයෙන් ඉරානයෙන් ස්ථිර ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවයි ඔහු විදේස මාධ්‍ය හමුවේ සදහන් කළේ.
කෙසේ වෙතත් ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනා මේ වන විටත් ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් විසින් නව යෝජනා පහක් සාකච්ඡා මේසයට යොමු කර තිබෙනවා

මෙම සාකච්ඡා වටය මැදපෙරදිග යුද ගැටුම්වල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවටයි විදේශ විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඉරානය සමග ගැටුමේ දී අමෙරිකානු හමුදාව ටොමහෝක් කෲස් මිසයිල 850කට වඩා ප්‍රමාණයක් එල්ල කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.
“ජනපති ට්‍රම්ප් විසින් දක්වා ඇති ‘ඔපරේෂන් එපික් ෆියුරි’ මෙහෙයුමේ ඉලක්ක සපුරා ගැනීමටත්, ඉන් ඔබ්බට යාමටත් අවශ්‍ය තරම් උණ්ඩ සහ අවි තොග අමෙරිකානු හමුදාව සතුව පවතින බවත්, එසේ වුවද, ජනපති ට්‍රම්ප් අමෙරිකාවේ නිෂ්පාදිත ආයුධ වඩාත් වේගයෙන් නිපදවන ලෙස ඔහු ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ගෙන් දිගටම ඉල්ලා සිටිනු ඇත”යනුවෙන් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් රොයිටර් පුවත් සේවයට පවසා සිටියා.

මේ අතර පෙන්ටගනයේ ප්‍රධාන ප්‍රකාශක ෂෝන් පාර්නෙල් ද රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ “ජනපතිවරයා තෝරා ගන්නා ඕනෑම වේලාවක සහ ඕනෑම ස්ථානයක, ඕනෑම කාලසීමාවක් තුළ ඕනෑම මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියල්ල යුද දෙපාර්තමේන්තුව සතුව ඇති බවයි.

මේ අතර ඉරානයට පහර දීම සඳහා අමෙරිකාව සතුව තවත් ඉලක්ක “3,554ක්” ඉතිරිව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ “එය ඉතා ඉක්මනින් අවසන් කරනු ඇත,” යනුවෙනුයි

ඉරානය කලෙක බලවත් රටක්ව තිබූ නමුත්, “දැන් එය තවදුරටත් බලවත් නොවන” බවට ඔහු පවසා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මේ අතර සෞදි අරාබියේ අල් කර්ජ් ප්‍රදේශයේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු තහවුරු කර තිබෙනවා.
ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානා කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත උපුටා දක්වමින් මෙම පුවත ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ අවම වශයෙන් යානා පහකට පමණ හානි සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු ඉන්ධන පිරවුම් බලඇණියේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි.
ඉරානය විසින් මෙය හඳුන්වා දී ඇත්තේ “True Promise 4” මෙහෙයුමේ 84 වන අදියර ලෙසයි.

සෞදි අරාබියේ පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ ඇමරිකානු රජය සිය තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන සේවකයින්ට එරටින් පිටවන ලෙස ද දැනටමත් නියෝග කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම ගැටුම්කාරී තත්ත්වය තුළ මේ දක්වා ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සමස්ත අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව 300 ඉක්මවා තිබෙනවා.

ඉන් 273 දෙනෙකු ප්‍රතිකාර ලබා යළි සේවයට වාර්තා කර ඇති අතර, අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකුට මෙම ගැටුම් හමුවේ සිය ජීවිත අහිමි වී ඇති බව ද නිල වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර ඇමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරානයේ පාසල් 600කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවත්, ගුරුවරුන් සහ සිසුන් 1000කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවත් ජාත්‍යන්තර රතු අඩසඳ සහන සේවා ඒකකය සදහන් කරනවා.

මේ අතර අමරිකා – ඊශ්‍රායල එකාබද්ධ ප්‍රහාරවලින් ඉරානයේ කර්මන්ෂා පළාතට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පසුව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවමින් නිවේදනය කලේ කලාපයේ අමෙරිකානු හා ඊශ්‍රායල හිතවාදී කර්මාන්තශාලාවලින් ඉවත් වන ලෙසටයි.

මේ අතර දකුණු ලෙබනනයේ අල්-කියාම් ප්‍රදේශයේ පිහිටි පාසලක් තුළ සඟවා තිබූ විශාල අවි ආයුධ තොගයක් සොයා ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක බලකායේ සෙබළුන් සමත්ව වී තිබෙනවා.

මෙම අවි ගබඩාව තුළ ටැංකි නාශක රොකට්, මෝටාර් උණ්ඩ, අත්බෝම්බ, රොකට් විදින සහ තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් තිබී ඇති බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

මේ අතර ඉරානය, ලෙබනනය සහ පලස්තීනය යන රටවලට සිය සහයෝගීතාවය පළ කිරීමේ අරමුණින් යේමනයේ සානා අගනුවර ජනතා විරෝධතා ආරම්භ වී තිබෙනවා.

“ඕනෑම මිලිටරි විකල්පයකට අපි සූදානම්” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම පාගමන සඳහා මිලියනයකට අධික ජනකායක් සහභාගී වී සිටි බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ලෝකයේ ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත්, එම මුහුදු සීමාව හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට එරෙහිව දැඩි හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිල වශයෙන් නිවේදනය කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඊයේ උදෑසන මෙම සීමාව හරහා යාමට උත්සාහ කළ බහාලුම් නෞකා තුනක් ඉරාන නාවික හමුදාවේ දැඩි අනතුරු ඇඟවීම් හමුවේ ආපසු හරවා යවා තිබෙනවා.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරනු ලබන ආරක්ෂක තර්ජන හමුවේ හෝර්මුස් දූපතේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එරට වැසියන් එක්ව දැවැන්ත ‘මානව දාමයක්’ නිර්මාණය කර තිබෙනවා.
පර්සියානු බොක්ක ආශ්‍රිතව පිහිටි මෙම උපායමාර්ගික වැදගත්කමකින් යුතු දූපත වටා මෙලෙස දහස් සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී වී ඇත්තේ වත්මන් දේශපාලනික අස්ථාවරත්වය හමුවේ තම රටේ භූමිය සුරැකීමේ අරමුණ ඇතිවයි.
මෙම ක්‍රියාවලිය හුදෙක් විරෝධතාවයකට එහා ගිය ඉරාන රජය සමඟ පවතින සහයෝගීතාවය විදහා දක්වන සංකේතවත් පියවරක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරනනේ.

මේ අතර බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු පවතින ස්ථාන පිළිබඳ තොරතුරු ඉරානයට ලබාදුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබූ සයිඩ් මුහම්මද් අල්-මූසාවි නමැති තරුණයා බන්ධනාගාරය තුළදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහුගේ සිරුර පුරා ඉතා දරුණු වධහිංසා පැමිණවූ බවට සනාථ වන තුවාල සහ සලකුණු දක්නට ලැබෙන බව ද විදේස මාධ්‍ය වාර්තා කලා.

කෙසේ වෙතත්, ඔහුගේ මරණයත් සමඟ බහරේන රජයට එරෙහිව මානව හිමිකම් කණ්ඩායම්වල සහ ශියා මුස්ලිම් ප්‍රජාවගේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධයට අදට මසක් සපිරෙනවා.
ඇමරිකානු ප්‍රහාරක යානා මගින් ඉරානයේ බුෂෙහ්ර් නගරයේ රෝහලක් ආසන්නයට එල්ල කළ දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ, ‘සෙයිනාබ්’ නමැති බිළිඳියකගේ උපත සිදුවූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රෝහල් පරිශ්‍රය දැඩි කම්පනයකට ලක්ව තිබූ අතර, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරය බුෂෙහ්ර්හි වෛද්‍ය පුහුණු මධ්‍යස්ථානයකට සහ ඒ අවට ප්‍රදේශවලට එල්ල වී තිබූ බවයි.
යුදමය උණුසුම මධ්‍යයේ වුවද වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය රාජකාරිය අත්නොහරිමින් එම දරු උපත සාර්ථක කර ගැනීමට කටයුතු කර තිබෙනවා.
එම අවස්ථාවේ සිටි හෙදියක් ප්‍රකාශ කර ඇත්තේ, බෝම්බ පිපිරෙන හඬ ඇසුණු සැණින් තමන් ඇතුළු පිරිස ප්‍රධාන වින්නඹු මාතාව සහ දරු ප්‍රසූතියට සූදානම්ව සිටි මව වටා එක්වී ‘මානව පවුරක්’ නිර්මාණය කළ බවයි.
මෙම පුවත මේ වන විට ඉරානය පුරාත්, ජාත්‍යන්තරය තුළත් වෛද්‍ය කාර්ය මණ්ඩල කැපවීම විදහා දක්වන සුවිශේෂී සිදුවීමක් ලෙස කතාබහට ලක්වෙමින් පවතිනවා.

බුෂෙහ්ර් ප්‍රදේශයට එල්ල වූ මෙම ප්‍රහාර හමුවේ ළදරු දැඩි සත්කාර ඒකකවල සිටි බිළිඳුන් ඉවත් කරන සංවේදී දර්ශන ද මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

මේ අතර ඇමරිකානු බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉරානය සතු මිසයිල බලයෙන් විනාශ වී ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි.
මෙම වාර්තාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ යුද ශක්තිය පිළිබඳව සිදු කරන ප්‍රසිද්ධ ප්‍රකාශයන්ට වඩා බෙහෙවින් වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරන බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.
බුද්ධි අංශ දත්තවලට අනුව ඉරාන මිසයිලවලින් තවත් තුනෙන් එකක ප්‍රමාණයක් භූගත බංකර් සහ උමං මාර්ග තුළ සුරක්ෂිතව හෝ හානි නොවී පවතින අතර ඉතිරි ප්‍රමාණය තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතින බවද එහි සදහන්.
මිසයිල මෙන්ම ඉරානයේ ඩ්‍රෝන බලයද විනාශ වී ඇත්තේ තුනෙන් එකක් පමණක් බව අදාළ වාර්තාවල සඳහන්.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන පෙන්ටගන නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය ආරම්භයේ සිට ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සියයට 90 කින් පමණ අඩු වී ඇති බවයි.

එමෙන්ම ඉරානයේ මිසයිල සහ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානවලින් සියයට 66 ක් පමණ දැනටමත් විනාශ කර ඇති බව ද ඔහු සඳහන් කරනවා.

මේ අතර අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය හෙවත් CIA සංවිධානයේ අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ඊමේල් ගිණුමක් බිඳදැමීමට ඉරානයට සම්බන්ධ හැකර් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ හැකර්වරුන් විසින් අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව ලෙස සැලකෙන සංවේදී ලේඛන කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි.
මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත්තේ ‘Handala Hack Team’ නමැති හැකර් කණ්ඩායම වන අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ තම සාර්ථක සයිබර් මෙහෙයුම්වල ඊළඟ ගොදුර බවට පටෙල් පත්ව ඇති බවයි.

Share