පවතින මිල සූත්‍රයට අනුව ගෙවිම් කටයුතු සිදු කිරිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමියන්ගේ සංගමය අද සිට ඉන්ධන ප්‍රවාහනයට යොදා ගන්නා ටැංකි රථ සංඛ්‍යාව සීමා කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්ධන ප්‍රවාහන කටයුතු අද දින තුල ද සාමාන්‍ය පිරිදි සිදු කෙරෙන බවයි ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ. මේ අතර නගර මධ්‍යයේ සහ ආසන්නයේ ඉන්ධන පිරිවුම් හල් අසල දිගු පෝලිම් දන්නට නොලැබුනද ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල පිරුවුම් හල්වල දිගු පොලිම් අදත් දක්නට ලැබෙනවා.
ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමියන්ගේ සංගය අද සිට ඉන්ධන ප්‍රවාහනයට යොදා ගන්නා ටැංකි රථ සංඛ්‍යාව සීමා කිරිමට තීරණය කර තිබෙනවා.
ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පවතින මිල සූත්‍රයට අනුව ගෙවිම් කටයුතු කිරිම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ශේප කිරීමයි.
මේ අතර ඉන්ධන ප්‍රවාහන කටයුතු අද දින තුල සාමාන්‍ය පිරිදි සිදු කෙරෙන බවයි ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසන්නේ.
ඊයේ පැවැති මාධ්‍ය හමුවෙක දි ඔහු කියා සිටියේ ගාස්තු සියයට 25කින් පමණ වැඩිවිය යුතු බවට සිදු කල ඉල්ලිමට නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී තම සංගමයද දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි. මේ අතර නගර මධ්‍යයේ සහ ආසන්නයේ ඉන්ධන පිරිවුම් හල් අසල දිගු පෝලිම් දන්නට නොලැබුනද ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල පිරුවුම් හල්වල තවමත් දිග පොලිම් දක්නට ලැබුණා. එමෙන්ම ඇතැම් පිරවුම් හල් වල ඉන්ධන නොමැති අයුරුද දක්නට ලැබුණා.
මේ අතර වැඩි මිලට අලෙවි කිරීම සඳහා නිවසක ගබඩා කර තිබූ භූමිතෙල් ලීටර් 2005 ක් සමග සැකකරුවෙකු උණගලාවෙහෙර ප්‍රදේශයේ දී හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
බැරල් 09 ක හා බූලි 03ක මෙම භූමිතෙල් ලීටර් 2005ක ගබඩා කර තිබූ බවයි පොලිසිය සදහන් කළේ
අත් අඩංගුවට ගන්නා ලද ඉන්ධන තොගය හා ඊට සම්බන්ධ සැකකරු අද දින හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර රට තුල පවතින තත්වය හමුවේ බදාදා දින උපකාරක පංති පැවැත්විම අත්හිටුවිමට රජය විසින් ඉදිරිපත් කරන නිර්නායක පිළිබඳව දැනුවත් නොකිරිම නිසා උපකාර පංති පවත්වන ගුරුවරුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කලා.
මේ අතර මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ විදේශ රැකියා ක්ෂේත්රයේ ඇති අභියෝගය හා ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් බලපත්‍ර ලාභි විදේශ රැකියා ආයතන සමග ඊයේ දින විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැත්වුණා.





