ප්‍රධාන පෙළේ ජාතික පාසල් 47ක විදුහල්පති පුරප්පාඩු

මෙරට ප්‍රධාන පෙළේ ජාතික පාසල් 47ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අපොහොත්සත් වීම හේතුවෙන් මේ වන විට දැඩි ගැටළුකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ලංකා ගුර සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා චෝදනා කරන්නේ වහාම ඊට නිසි පියවර නොගතහොත් පාසල් පරිපාලන කටයුතු අඩාල වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මන මෙරට ජාතික පාසැල් ගණන 326ක්.
එම පාසල් ගණනින් 47ක අද වන විට විදුහල්පති තනතුර පුරප්පාඩුව පවතිනවා.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ හින්දු විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඇතුලු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පා‌හේ විදුහල්පතිවරයෙක් නොමැති ජාතික පාසල් පවතිනවා.
මෙම පාසල් සඳහා නියමිත ක්‍රියා පටිපාටිය යටතේ I ශ්‍රේණියේ විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා අදාළ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරුණේ 2025 සැප්තැම්බර් 25 වැනිදායි.
ඉන් අනතුරුව 2026 ජනවාරි මාසයේදී විදුහල්පති සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනයක් ද නිකුත් කෙරුණා.
ගැසට් නිවේදනය නිකුත් කර මාස 6ක කාලයත් ගත වුවද මේ වන තෙක් විදුහල්පතිවරුන් පත් කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වී තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගෙන් කළ විමසීමේ දී ඔහු පැවසු බවයි.

Share