පකිස්තානය කරන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි

ඉස්ලාමාබාද් අධිකරණයක් ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට පකිස්තානය කරන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන්දියාව පවසන්නේ එය පාකිස්තානයේ අභ්‍යන්තර කැලඹිලිවලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා සිදු කළ ප්‍රකාශයක් බවයි.
මේ අතර නවදිල්ලියේ රතු බලකොටුව අසල මෝටර් රථ පිපිරීම සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින උමර් මොහොමඩ් වෛද්‍යවරයාගේ කාශ්මීරයේ නිවස ඉන්දීය ආරක්ෂක අංශ විසින් අද අලුයම කඩාදමා තිබෙනවා.
ඔහුගේ නිවස කඩා දැමීමේ අරමුණ ඉන්දීය භූමියේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන අයට පණිවිඩයක් යැවීම බවයි ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ.

Share