දිවයින පුරා බිඳ වැටී තිබූ ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

මේ අතර ආපදාව හේතුවෙන් දිවයින පුරා බිඳ වැටී තිබූ ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර කියා සිටියේ හානියට පත් ජල මීටර වෙනුවට නව ජල මීටර මුදල් අයකිරීමකින් තොරව ලබාදීමට ද තීරණය කර ඇති බවයි.
‘දිට්වා’ සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් දිවයින පුරා ජල යෝජනා ක්‍රම 156කට හානි සිදු වුනා.
ඉන් ජල යෝජනා ක්‍රම 120ක් දෙසම්බර් 2 වැනිදා වන විට යථා තත්ත්වයට පත් කළ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.
ඒ අතරින් වැඩිම හානි සිදුවී තිබුණේ මහනුවර ගැටඹේ ජල සම්පාදන යෝජනා ක්‍රමයටයි/
එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සතියකට වැඩි කාලයක් ගතවුණා.
ශ්‍රී ලංකාව පුරා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල සම්පාදන යෝජනා ක්‍රම සංඛ්‍යාව 343ක්.

Share