දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණය තවදුරටත්

දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්ථාවට අනුව දැක්වෙන්නේ

දිවයින පුරා මේ වන විට පවතින උණුසුම් සහ වියලි කාලගුණය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරු 3.30 ට, අද දිනය වෙනුවෙන් නිකුත් කල උණුසුම් කාළගුණ තත්ත්වය පිලිබඳ අවවාදාත්මක නිවේදනයේ දැක්වෙන්නේ සෙල්සියස් අංශක 39-45 අතර අවධානය යොමුකළ යුතු මට්ටමක උෂ්ණත්වය පවතින බවයි.
එම අවධානම් මට්ටම අනුව, වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ භාහිර ක්‍රියාකාරකම් වල නරත වීම නිසා අධික තුළ තෙහෙට්ටු ගතියක් ඇතිවිය හැකි අතර, එය තවදුරටත් වර්ධනය වීම තුල තුල විජලන සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් විය හැකි බව සඳහන් .
ඒ නිසා සෞඛ්‍ය උපදෙස් අනුව එලිමහන් වැඩබිම් තුලදී ප්‍රමාණවත් ජලය පානය කිරිමටත්, සෙවණ ඇති ස්ථාන වල විවේක ගැනීමට සහ නිවෙස් තුළ වැඩිහිටි සහ රෝගි පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ජනතාවට උපදෙස් ලබා දෙනවා.
විශේෂයෙන් එළිමහනේ නවතා ඇති වාහන තුළ කුඩා ළමුන් තනියම රඳවා නොයන ලෙසත්, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් මේ හරහා වැඩිදුරටත් දැනුම් දෙනවා.
එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිතා කිරිම උචිත බවයි එම උපදෙස් තුළ තවදුරටත් සඳහන් වන්නේ.

මේ අතර රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ සඳහන් කළා.
ඒ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ සීමා සහිතව ජල සැපයුම සිදුවන අතර ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් දැනුම් දෙනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
නමුත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවන බවයි සඳහන් වන්නේ.

Share