දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක්

ලෝක වාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් සේ සැලකෙන ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු වන දියවඩන නිලමේ තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්වෙනවා.
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන අතර දියවඩන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු 7 දෙනෙකු තරග වදින බවයි මේ වනවිට ප්‍රකාශ කර තිබෙන්නේ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ 20 වැනි දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේ රැස්වීම අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්.
මෙතෙක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ නිලංග දෑල මහතා තුන්වැනි වරටත් මෙවර තරග කරන අතර ඊට අමතරව කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවල මෙන්ම මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක මහතා ද දියවඩන නිලමේ ධුරය සදහා තරග වදින බව මුල සිටම ප්‍රකාාශ කර තිබුනා.
ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ගාමිණී කළුහෙන්දිවෙල, විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ද වන බදුල්ල සෝනුත්තර රජමහා විහාරස්ථානයේ සහ සතර මහා දේවාල මහා නිලමේ රොෂාන් ප්‍රියදර්ශන මෙන්ම විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන නන්ද මඩුගල්ලේ මහතා ද දියවඩන නිලමේ ධුරය සදහා තරග වැදීමට නියමිතයි.
කෙසේ වෙතත් මේ පිරිස දියවඩන නිලමේ ධුරය සදහා අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබුණ ද අද පස්වරුවේ නාමයෝජනා ඉදිරිපත් කර ස්ථිර කරවා ගත නොහැකි වන වුවහොත් ඔවුන්ට ඡන්දයට ඉදිරිපත් වීමේ අවස්ථාව අපේක්ෂකයින්ට අහිමි වනවා.
මෙවර දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා මහා සංඝරත්නය ඇතුළු 267ක පමණ පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.
මල්වතු – අස්ගිරි උභය විහාරීය මහානායක හිමිවරුන් දෙනම වර්ග කිලෝමීටර් 300ක පමණ වපසරියක් තුළ පැතිර තිබෙන පැරණි උඩරට රාජධානියට අයත්ව තිබූ බල ප්‍රදේශයේ පිහිටි රාජමහා විහාරස්ථානවල පැවිදි ගිහි භාර කාරවරුන් 157 දෙනෙකු ද ඒ අතර වනවා.
එසේම එම බලප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් 71 දෙනෙකු විහාර දේවාලගම් ආඥා පනත යටතේ ගැසට් කර තිබෙන දේවාලවල බස්නායක නිලමේවරු 29 දෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
පැරණි උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31ක් සඳහා ඡන්ද හිමිකම් ලැබී තිබුණ ද දමින්ද බණ්ඩාර උඩුරාවන හා ඒ ඩබ්ලිව් එස් බණ්ඩාරනායක යන මහත්වරුන්, දේවාල දෙකක බස්නායක නිලමේ ධුර හොබවන බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ එක් දේවාලයක් නියෝජනය කරමින් පමණයි.
උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතර පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ කටයුතු කර ඇති පුද්ගලයින් ගණන 19ක්.
මෙවර පත්වන දියවඩන නිලමේවරයා වසර 10ක කාලයකට පත්වන අතර, ඒ අනුව විහාර දේවාලගම් ආඥා පනතට අනුව ඔහුට 2035 දක්වා ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව උදා වනවා.

20 වැනි දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වෙනවා

දියවඩන නිලමේ ධුරය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්
හිටපු දියවඩන නිලමේ නිලංග දෑල කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවල මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ගාමිණී කළුහෙන්දිවෙල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරස්ථානයේ සහ සතර මහා දේවාල මහා නිලමේ රොෂාන් ප්‍රියදර්ශන විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන නන්ද මඩුගල්ලේ

දියවඩන නිලමේ ධුරය සදහා අපේක්ෂකත්වය හිමි වන්නේ නාමයෝජනා ඉදිරිපත් කර ස්ථිර කරවා ගතහොත් පමණයි

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූවන් 267
මල්වතු මහානාහිමි
අස්ගිරි මහානාහිමි
පැරණි උඩරට රාජධානියට අයත්ව තිබූ බල ප්‍රදේශයේ පිහිටි රාජමහා විහාරස්ථානවල පැවිදි ගිහි භාර කාරවරුන් 157
පැරණි උඩරට රාජධානියට අයත් බල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් 71
විහාර දේවාලගම් ආඥා පනත යටතේ ගැසට් කර තිබෙන දේවාලවල බස්නායක නිලමේවරු 29
උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31ක් සඳහා ඡන්ද හිමිකම් ලැබී තිබුණ ද දමින්ද බණ්ඩාර උඩුරාවන හා ඒ ඩබ්ලිව් එස් බණ්ඩාරනායක යන මහත්වරුන්, දේවාල දෙකක බස්නායක නිලමේ ධුර හොබවන බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ එක් දේවාලයක් සඳහා පමණයි
උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතර පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ කටයුතු කර ඇති පුද්ගලයින් ගණන 19ක්

Share