දිට්වා නිසා පට්ට්ටිපොළ ජනතාව දැඩි පීඩාවට

මෑත ඉතිහාසයේ මෙරටට බල පෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය වූ දිට්වා නිසා ජීවනෝපායන්ට සිදු වූ හානිය හා පාඩුව නිසි පරිදි අවබෝධ කර ගැනීමට හැකිව තිබෙන්නේ මේ වන විටයි.
මහ වැසි සමග උඩරට දුම්රිය මාර්ගය මුලුමනින්ම පාහේ නාය යන විට බොහෝ දෙනා එයා සංචාරක ක්ෂේත්‍රයට වූ පාඩුවක් ලෙස ලඝු කළ නමුත් බලපෑමේ වපසරිය බොහෝ ක්ෂේත්‍ර කරා විහිදී තිබෙනවා.
ගෝලීය අර්බුදයේ ප්‍රතිවිපාක ද ඒ ජීවිත මත මේ වන විට එල්ල කර ඇත්තේ අමතර පීඩනයක්.
පට්ටිපොලින් ඇසෙන මේ කතාව ඊට එක් නිදසුනක් පමණයි.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇති පට්ට්ටිපොළ ගම්මානයේ වැඩි පිරිසකගේ සම්ප්‍රදායික ජීවනෝපාය වී තිබුණේ එළවලු හා අර්තාපල් වගාවයි.
තවත් පිරිසක් මල් වගාවෙන් දිවි සරු කර ගත්තා.
දිට්වා සමග ඇති වූ ව්‍යසනය හමුවේ උඩරට දුම්රිය මාර්ගය මුලුමනින්ම පාහේ වැනසී යද්දී පට්ටිපොල වගාකරුවන්ගේ ආදායම ද නාය යමින් තිබෙනවා.
ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අඩු පිරිවැයකින් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලැබුණු අවස්ථාව අහිමි වීමයි.

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ඔවුන් දැන් කබලෙන් ලිපට වැටී සිටිනවා.
වගා කටයුතු සඳහා පොහොර හා කෘෂි රසායන සඳහා ද ඉහළ පිරිවැයක් දැරීමට ගොවීන්ට සිදුව තිබෙනවා.
පිරිවැය කොතෙක් වැඩි වුවද අස්වැන්නට නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවි මුහුණු මැලවී ගොස් තිබුණා. මේ ජීවිත ගොඩනැගීම කිසිසේත් පහසු නැහැ. නමුත් එය අත්හළ හැකි කාර්යයක් ද නොවෙයි.

Share