දිට්වා සුලි කුණාටුවේ බලපෑමෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය කඩිනමින් ප්රතිසංස්කරණය කර මහනුවර සිට නාවලපිටිය අතර යළි දුම්රිය ධාවනය කඩිනමින් ආරම්භ කරන ලෙස ප්රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
දුම්රිය ධාවනය නොවීමෙන් දුම්රිය මාර්ගය අවට පදිංචි බොහෝ පිරිසක් සිය ප්රවාහන අවශ්යතා සපුරා ගැනීමේ දී මුහුණ දී ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.
දිට්වා සුලි කුණාටුව කඩා වැදණු නොවැම්බර් 27 වන දා පස්වරු 2.07ට සුපුරුදු පරිදි මහනුවර සිට නාවලපිටිය බලා ගමන් ඇරඹු අංක 1153 “පාසල් දුම්රිය”ට ගමනාන්තයට ළඟා වීමට නොහැකි වුණා.
වරකාපිටිය උපදුම්රිය පොළ ආසන්නයේදී මාර්ගය නායයෑම ඊට හේතුවයි.
මේ නිසා දුම්රිය මේ වන විට උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන අතර මේ වන විට ගාල් කර තිබෙනවා.
මාස දෙකක් තිස්සේ දුම්රිය එහි නැවතී ඇත්තේ මාර්ගය දෙපසින්ම නාය ගොස් තිබීම හේතුවෙන්.
මේ අවට බොහෝ පිරිසකගේ පහසුම හා ලාබදායී ප්රවාහන මාධ්ය වූයේ දුම්රියයි.
දුම්රිය මාර්ගයට හානි වීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කතාරවකට මුහුණ දී සිටිනවා.පවතින තත්ත්වය තුළ ප්රවාහන වියදම් දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇතැයි ජනතාව පෙන්වා දෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ දුම්රිය මාර්ගය කඩිනමින් පිලිසකර කර මහනුවර සහ නාවලපිටිය අතර දුම්රිය ධාවනය ආරම්භ කරන ලෙසයි.





