දිට්වා සුළි කුණාටුව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම ලක් සම්පූර්ණ ජාලයම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි ඩයලොග් ආසිආටා පවසනවා.
ෆයිබර් ප්‍රධාන ජාලය සහ දුරකතන කුළුණු 6,000 න් 2,200 ක් ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් ව තිබුණා.
මෙම කඩිනම් ප්‍රතිස්ථාපන මෙහෙයුම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන මගින් ලබා දුන් සහයෝගය ඩයලොග් අගය කරනවා.
එමෙන්ම සේවා පහසුකම් අවම ප්‍රදේශවල අලුතෙන් දුරකතන කුළුණු 800 ක් පිහිටුවමින් ඩයලොග් ජාල ආවරණය තවත් පුළුල් කිරීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා ඔරොත්තු දෙන පරිදි යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට, ඉදිරි වසර තුන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සිදු කිරීමට සමාගම සැලසුම් කර තිබෙනවා.
මේ අතර, මෙරට ආපදා සහන සේවාවේ නිරත ඉන්දීය හමුදාවේ ශතෘජීත් බළකායේ සාමාජිකයන් දිට්වා සුලි කුණාටුවෙන් දැඩි බලපෑමකට ලක් වූ මහියංගනය ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සන්නිවේදන යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට ඊයේ කටයුතු කර තිබෙනවා.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ප්‍රදේශයේ ෆයිබර් ඔප්ටික් කේබල් ජාලයට දැඩි ලෙස හානි සිදුව තිබූ අතර . ශ්‍රී ලංකා ටෙලිකොම් හි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය හමුදාවේ සංඥාකරුවන් විසින් සම්බන්ධතාවය යථාවත් කරනු ලැබුවා.





