ටිල්වින් සිල්වා මහතා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකගේ විරෝධයකට මුහුණ පායි.

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා එක්සත් රාජධානියේ සංචාරයක නිතරව සිටින අතරතුර එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකගේ විරෝධයකට මුහුණ දී තිබෙනවා.

වීඩියෝවල දැක්වුණේ විරෝධතාකරුවන් මහලේකම්වරයාගේ මෝටර් රථය හරස් කරමින් බාධා කරන අයුරුයි. ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවී ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා මේ දිනවල එක්සත් රාජධානියේ සංචාරයක නිරතව සිටිනවා.

ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාව විසින් සංවිධාන කළ එවැනි හමුවක් සඳහා පැමිණෙන අතරතුර ටිල්වින් සිල්වා මහතා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකගේ විරෝධතාවට මුහුණ දුන්නා.

විරෝධතාකරුවන් මහ⁣ලේකම්වරයා පැමිණි මෝටර් රථයට මග හරස් කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. කෙසේ වෙතත් විරෝධතා මධ්‍යයේ ටිල්වින් සිල්වා මහතා හමුව සඳහා සහභාගී වුණා.

Share