ටිකට් එකට කාඩ් එකෙන්

මගී බස් රථවල ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවීමේ පහසුකම අද සිට ආරම්භ කෙරුණා.
පළමු අදියර යටතේ මාර්ග 20 මෙම ක්‍රමවේදය ක්‍රියාත්මකයි. බැංකු කාඩ් මගින් මගී බස් රථ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රමවේදය ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී නිල වශයෙන් ආරම්භ වුණා. මෙම වැඩපිළිවෙල යටතේ මාකුඹුර සිට මාතර, ගාල්ල, බදුල්ල, තංගල්ල, අගුණුකොලපැලැස්ස යන මාර්ගවල මෙන්ම කොළඹ – අම්පාර අධිවේගී බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකියි.
මීට සමගාමීව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බොරැල්ල – කඩවත මාර්ගයේ මෙන්ම ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බදුල්ල – බණ්ඩාරවෙල, බදුල්ල මහියංගනය, මොණරාගල – බිබිල සහ මොණරාගල – වැල්ලවාය අතර ධාවනය වන බස් රථවල බස් ගාස්තු බැංකු කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවා.
දෙසැම්බර් මාසය වන විට සියලුම අධිවේගී බස් රථ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළා.
මෙම වැඩසටහන සමඟ රජයේ බැංකු දෙකක් සහ පුද්ගලික බැංකු පහක් එක්ව සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවා.
බස් ගාස්තු බැංකු කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය කෙරෙන්නේ නැහැ. මේ අතර බැංකු කාඩ්පතින් මගී බස් රථ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් දැක්වූයේ මෙවන් අදහසක්. මේ අතර බැංකු කාඩ්පතින් මගී බස් රථ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් දැක්වූයේ මෙවන් අදහසක්.

Share