අවසන් ලේ බිඳුව දක්වා කියුබාවේ ආරක්ෂාව වෙන්වෙන් කටයුතු කිරීමට සූදානම් බව කියුබා ජනාධිපති මිගයිල් ඩයස් කැනල් පවසනවා.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ තර්ජනයට ප්රතිචාර දක්වමින් සිය X ගිණුමේ සටහනක් තබමින් කියුබා ජනාධිපතිවරයා පවසන්නේ කියුබාව යනු නිදහස්, ස්වාධීන සහ ස්වෛරී රටක් බැවින්, කියුබාව කළ යුතු දේ කුමක්ද යන්න පිටස්තර කිසිවෙකුට නියම කළ නොහැකි බවයි.
ඇමරිකා එක්සත් ජනපදය සමඟ හැකි ඉක්මනින් ගිවිසුම් ගත නොවුවහොත් එහි ප්රතිවිපාක අත්විඳීමට සූදානමින් පසුවන ලෙසට පසුගිය දා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කියුබාවට අනතුරු අඟවා තිබුණා.





