ජාතික ටැක්සි ඇප් ත්‍රිරෝද වෘත්තිකයින්ගේ 8 වැනි සංවත්සරික උත්සවය

ජාතික ටැක්සි ඇප් ත්‍රිරෝද රථ හිමියන්ගේ එකමුතුවේ අටවැනි සංවත්සර උත්සවය අද පෙරවරුවේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
හදිසියේ මරණයට පත් වූ එම සංගමයේ සාමාජිකයෙකු වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම ත්‍රිරෝද රථ යෙදවුමක් වන වර්කි ඇප් වෙතින් ඔහුගේ දියණියට ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කෙරුණා. ජාතික ටැක්සි ඇප් ත්‍රිරෝද රථ වෘත්තිකයින්ගේ එකමුතුවේ අටවැනි සංවත්සරික උත්සවය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණා.
වර්කි ඇප් මඟින් ත්‍රිරෝද රථ ධාවනය කළ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ වියෝ වූ රවීන්ද්‍ර රොද්‍රි‍ගෝ මහතාගේ දියණියට ශිෂ්‍යත්වයක් ප්‍රධානය කිරීමට වර්කි රයිඩ් ආයතනය පියවර ගෙන තිබුණා. මෙම අවස්ථාවට එක්වූ ත්‍රිරෝද රථ සංගම් වෘත්තීය සමිති නායකයින් හා දේශපාලනඥයින් ද අදහස් දැක්වූවා.

Share