NOC නිලවරණය අප්‍රේල් 30ට පෙර

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන අප්‍රේල් මසට පෙර පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් වත්මන් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා වන සුරේෂ් සුබ්‍රමනියම් වෙත දැනුම් දී තිබෙනවා.

ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ නිල කාලය පසු­ගිය දෙසැ­ම්බර් මස 27 වැනිදා අවසන් වුණා.

ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ නිල කාලය අවසන්ව තිබි­යදී එහි සභා­පති සුරේෂ් සුබ්‍රම­නි­යම් මහතා ජාත්‍ය­න්තර ඔලි­ම්පික් කමි­ටු­වට දැනුම්දී තිබුණේ පසු­ගිය කාලයේ සිදූ කරන ලද මූල්‍ය මෙහෙ­යුම් සහ අභ්‍ය­න්තර කළ­ම­නා­ක­ර­ණය විමර්ශනය කිරීම සඳහා වෝහා­රික විගණන­යක් සිදු කරන බැවින් එම කටයුතු නිම­වන තුරු තමන්ට සභා­පති තන­තුරේ රැඳී සිටී­මට අව­සර දෙන ලෙසයි.

සභා­පති සුරේෂ් සුබ්‍ර­ම­නි­යම් මහතා හා වෙනත් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු ලිපි­ව­ලට ප්‍රතිචාර වශ­යෙන් නිල­ව­ර­ණය සම්බන්ධ උප­දෙස් මාලා­වක් ද ජගත් ඔලි­ම්පික් කමිටු සබ­ඳතා දෙපා­ර්ත­මේන්තුව නිකුත් කර කිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් අවධානය යොමු කර ඇති කරුණු ගණන 5ක්.

එහිදි දැනට ජාතික ඔලිම්පික් කමිටුව විසින් ආරම්භ කර තිබෙන වෝහාරික විගණනය කඩිනමින් අවසන් කර අප්‍රේල් මාසයට පෙර අවශ්‍ය නීතියමය පියවර ගන්න ලෙස දැනුම් දී තිබෙනවා.

එම පරීක්ෂණය මෙරට ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තරව සිදුවන නිසා එය ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය කල්දැමීමට හේතුවෙන් කර නොගත යුතු බවද ලිපියේ සඳහන්.

2025 ජනවාරි 15 වැනිදා ජගත් ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් සංගමය විසින් දැනුම් දුන් පරිදි දැනට පරීක්ෂණයකට ලක්ව සිටින හෝ දඬුවම් ලැබී ඇති ශ්‍රී ලංකා ඔලිම්පික් සාමාජිකයෙකු හෝ නිලධාරියෙකු ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ කටයුතුවල කිසිදු ආකාරයකට සම්බන්ධ නොවිය යුතු අතර, මහ සභා රැස්වීමකට සහභාගී වීමට හෝ ඉදිරියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලවරණයේ කිසිදු තනතුරක් සඳහා තරග කිරීම ද තහනම් වන බවත් මෙම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පවත්වන තුරු ජගත් ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් සංගමය විසින් දැනට පවතින ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව පිළිගන්නා බවද ලිපියේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර නිල­ව­ර­ණය නොප­වත්වා ව්‍යවස්ථා විරෝධි ලෙස තන­තු­රු­වල රැඳී සිටීම සම්බ­න්ධ­යෙන් ක්‍රීඩා සමාජ ප්‍රධානීන් කිහි­ප‍දෙ­නකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලූ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් ඊයේ ජාතික ඔලි­ම්පික් කමිටු සාමා­ජි­ක­යන් සියලු දෙනා ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යට කැඳවූවා.

එහිදී ගැට­ලු­ව­කින් තොරව ඉදිරි නිලවරණය සඳහා තීරණ කිහි­ප­ය­කට එළැඹ තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ මාසයක් ඇතු­ළත විශේෂ මහ සභා­වක් කැඳවා නිල­ව­රණ කමි­ටුව පත්කර ගැනීම හා අන­තු­රුව නාම­යෝ­ජනා භාර ගැනී­මට දින නියම කළ යුතු බවයි.

ඔලි­ම්පික් කමිටු ඡන්ද අයි­තිය හිමි සාමාජික සංගම් 28න් 18ක ක්‍රීඩා සංගම් ප්‍රධා­නීන් ඊයේ පැවති සාක­ච්ඡා­වට එක්ව සිටි­යා.

Share