මෙරට භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති වන ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මෙහිදි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සහ නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුලු 208 දෙනෙකු කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.





