මෙරට පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීමෙන් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාවය තවත් තහවුරු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ චීනය විසින් ප්රදානය කරන නිල ඇඳුම් සඳහා රෙදි නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවේ දී.
මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මෙම නිල ඇඳුම් රෙදි නැව් වාර 5කින් ලැබීමට නියමිතයි.
මේ වන විට නැව් වාර 03ක් කොළඹ වරාය වෙත ළඟා වී ඇති අතර, එම පාසල් නිල ඇඳුම් නිල වශයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරියට ප්රදානය කිරීම මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ චීන තානාපති ෂී ෂෙන්හොං මහතා අතින් කොළඹ වරාය පරිශ්‍රයේ දී සිදු කෙරුණා.
මෙවර පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා 4,418,404ක පමණ සිසුන් සංඛ්‍යාවක් හිමිකම් ලබනවා.
ලබන 19 වැනිදා සිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.





