බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ තෙදින ඇමරිකානු රාජ්‍ය සංචාරය අද ආරම්භ වනවා.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ඇමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කර ඇති මහජන උත්සව මාලාවකට සහභාගී වීමයි.
බ්‍රිතාන්‍ය රාජකීය යුවල වොෂින්ටන් ඩී.සී., නිව්යෝර්ක් සහ වර්ජිනියා හි සංචාරය කරනු ඇති.
මෙම සංචාරය සුවිශේෂී වන්නේ 2007 වසරේ දෙවන එලිසබෙත් රැජිනගේ සංචාරයෙන් පසු බ්‍රිතාන්‍ය රාජකීයෙක් ඇමරිකාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වන බැවිනුයි.
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් දෙරට අතර පවතින යම් මතභේදාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, මෙම සංචාරය හරහා සබඳතා ශක්තිමත් වනු ඇතැයි ජනපති ට්‍රම්ප් අපේක්ෂා කරනවා.
සංචාරය අතරතුර රජු කොංග්රස් මණ්ඩලය ඇමතීමට සහ 9/11 ස්මාරකය නැරඹීමට සැලසුම් කර ඇති නමුත්, වොෂිංටන් හිල්ටන් හි වෙඩි තැබීමේ සිද්ධියත් සමග ඇති වූ ආරක්ෂක ගැටලු මත රජු, මහජනතාව හමුවන අවස්ථාවන් සීමා කිරීමට ඉඩ ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.





