ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලය 2026 පාසල් රග්බි වාරය නිල වශයෙන් ආරම්භ කළේ ඊයේ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති විශේෂ උත්සවයකදී ඔවුන්ගේ නව කණ්ඩායම් ජර්සිය උත්සවාකාරයෙන් එළිදැක්වීමත් සමඟයි.
විදුහල්පති පුබුදු සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් රග්බි කණ්ඩායමේ සාමාජිකයින්, මව්පියන් සහ ආදි ශිෂ්‍යයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.
වත්මන් ඇලෝසියස් කණ්ඩායම සශික මදුලංක විසින් මෙහෙයවනු ලබනවා.
අලුතින් එළිදැක්වූ ජර්සිය සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ අභිමානවත් රග්බි සම්ප්රදාය පිළිබිඹු කරන්නක්.
මෙවර ලීග් තරගාවලියේ ඇලවීෂියානු රග්බි කණ්ඩායමේ පළමු තරගය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව හෙට සිය පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයීය තරග කාලසටහනේ වඩාත් උද්වේගකර තරගය වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමග වාර්ෂික මහා රග්බි තරගය ජුලි මාසයේදී පැවැත්වීමට නියමිතයි.





