කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තය හෙවත් CECT පර්යන්තයේ ඉදිකිරිම් කටයුතු මේවසරේ අවසන් විමට පෙර ඉදිකර අවසන් කිරිමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්යක්ෂ ගනක හේමචන්ද්‍ර මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා වරයා අධිකාරිය සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ නිළධාරීන් දෙවන දිනටත් කොප් කමිටුව හමුවට ඊයේ දින කැඳවා සිදුකල සාකච්ඡාවේ දීයි.
ශ්‍රී ලංකා වරයා අධිකාරිය ඊයේ දෙවන වරට කොප් කමිටුවට හමුවට කැඳවා තිබුනේ 2022 සහ 2023 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යය සාධන වාර්ථා ද සමගයි.
මේ සඳහා ශ්‍රී ලංකා වරයා අධිකාරිය සහ අමාත්‍යංශය නියෝජනය කරමින් නිළධාරීන් පැමිණ සිටියා.





