කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 88 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් විසින් එම විද්‍යාලයේ විශ්‍රාමික ගුරු භවතුන්ගේ සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන් මාසිකව පවත්වනු ලබන වෛද්‍ය සායනයට වසර 20ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත් වුණා.
2006 වසරේ පෙබරවාරි 18 වැනි දින 88 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය විශ්‍රාමික ගුරුවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා 88 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් කැපවී සිටින බව මෙහිදී අවධාරණය කෙරුණා.
විද්‍යාලයෙන් ඉගෙනුම ලැබ පසුකාලීනව වෛද්‍ය වෘත්තියට පිවිසි ආදි ශිෂ්‍යයින් රැසක් මෙම වෛද්‍ය සායනය සඳහා දායකත්වය ලබා දෙනවා.





