කොමර්ෂල් බැංකුව-වීසා හවුල්කාරිත්වය හරහා ගූගල් පේ ශ්‍රී ලංකාවට

ගූගල් වොලට් දියත් කිරීමේ කොටසක් ලෙස, තම කාඩ්පත් හිමියන්ට ගූගල් පේ සක්‍රීය කිරීම සඳහා ගූගල් සහ වීසා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබෙනවා.
ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා නව ප්‍රමිතියක් සකසන මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී අවස්ථාවක්.

GOOGALE PAY යනු භෞතිකව බැංකු කාඩ්පත් නොමැතිව ගණුදෙනු කළ හැකි ඩිජිටල් ගෙවීම් ක්‍රමයක්.
මෙම ක්‍රමවේදය විදේශීය රටවල බහුලව භාවිත කෙරෙන නමුත් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ඒසඳහා පහසුකම් තිබුණේ නැහැ.
කෙසේ නමුත් දැන් කොමර්ෂල් බැංකුවේ වීසා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට දැන් පහසුවෙන් තම කාඩ්පත් ගූගල් වොලට් හා සම්බන්ධ කළ හැකියි.
ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා PLAY STORE ඔස්සේ ගූගල් වොලට් බා ගත කර ගත හැකියි.
පසුව කාඩ්පතේ විස්තර එයට ඇතුළත් කිරීමෙන් කාඩ්පත යෙදවුම සමඟ සම්බන්ධ කර ඔබේ ගූගල් වොලට් එක් විවෘත කර ගැනීමට හැකි වනවා.
එමගින් සිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් භාවිතා කර, දේශීයව සහ ගෝලීයව වීසා පිළිගන්නා ඕනෑම ස්ථානයක, ටැප් කිරීමේන් ආරක්ෂිත, සම්බන්ධතා රහිත ගෙවීම් කළ හැකියි.
ඒ අනුව කාඩ්පත් හිමියන්ට තවදුරටත් භෞතික කාඩ්පත් හෝ මුදල් රැගෙන යාමට අවශ්‍ය වන්නේ නැහැ.
මෙහි ආරක්ෂාව පිළිබඳ විමසා බැලීමේදී කාර්ඩ් භාවිතයෙන් භෞතිකව කරන සාමාන්‍ය ගණුදෙනුවකට වඩා මෙය ආරක්ෂිතයි.
කාර්ඩ් භාවිතයෙන් ගණුදෙනු කරද්දි එහි තොරතුරු තෙවැනි පාර්ශ්වයකට පහසුවෙන් ලබා ගත හැකි වනවා.
නමුත් ගූගල් වොලට් එක මගින් ගනුදෙනු කිරීමේ දී කාර්ඩ් අංකය සෑම ගනුදෙනුවක දීම අනන්‍ය ඩිජිටල් ටෝකනයක් බවට පරිවර්තනය කෙරෙන බැවින් පරිශීලකයාගේ සංවේදී දත්ත කිසි විටෙකත් අලෙවිකරු සමඟ බෙදා නොගන්නා බව හෝ උපාංගයේ ගබඩා නොකරන බව සහතිකයක් හිමිවනවා.
අපේ බලාපොරොත්තුව ඉදිරියේ දී අනෙකුත් බැංකු හා මූල්‍ය ආයතන ද මෙම පහසුකම ලබා දෙයි කියලා.
ඒ වගේම මූලික අදියරේ දී කොමර්ෂල් බැංකුවෙත් තෝරා ගත් වීසා කාර්ඩ් පරාසයන්ට පමණයි මෙම පහසුකම ලබා දී තිබෙන්නේ.

Share