2024 මාර්තු 6වනි දින කැනඩාවේ ඔටාවා තදාසන්න ප්‍රදේශයක දී, බිහිසුණු සමූහ පිහි ඇනුමකින් මවක්, ඇගේ දරුවන් හතර දෙනා සහ පවුලේ මිතුරෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලාංකික තරුණයාට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා.
වසර 25ක් කිසිදු සමාවක් නොලැබ, ඔහු මෙම දඬුවම විඳිය යුතු බවටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
කැනඩාවේ ඔටාවා නගරයට තදාසන්න බාර්හේවන් ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි ශ්‍රි ලාංකික කාන්තාවක් වූ දර්ශනී ඒකනායක සහ ඇගේ දරුවන් හතර දෙනා සහ එම පවුලේ මිතුරෙක් මෙම ප්‍රහාරයට ගොදුරුව මිය ගියා.
මියගිය දරුවන් සිවුදෙනා වයස අවුරුදු 7, වයස අවුරුදු 4, වසය අවුරුදු 3 සහ මාස දෙක යන වයස්වල පසුවූ අතර එම පවුලේ මිතුරෙකු වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් ද මෙම අමානුෂික ප්‍රහාරයෙන් මියගියා.
මෙම දරුවන්ගේ පියා වූ ධනුෂ්ක වික්‍රමසිංහ ද මෙම විත්තිකරුගේ ප්‍රහාරයට ලක්වූ නමුත් ඔහු විත්තිකරු සමග පොරබදා තියුනු කැපුම් තුවාල සමග, ඔහුගෙන් නිදහස් වීමට සමත් ව තිබුණා.
ඝාතනයේ විත්තිකරු වූ ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නැමති එවක 19 හැවිරිද ශ්‍රී ලාංකික තරුණයා එම නිවසේ නවාතැන්ගෙන සිටි අතර, ඔහු එහි ගොස් තිබුණේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා බවයි පැවසෙන්නේ.
විත්තිකරු ඊයේ පැවති නඩු විභාගයේදී මිනීමැරුම් චෝදනා හතරට සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගෙන තිබුණා
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු කෙවින් ෆිලිප්ස් සඳහන් කළේ මෙය නගර ඉතිහාසයේ සිදුවූ දරුණුතම අපරාධවලින් එකක් බවයි.





