කමේනිගේ දෙවැනි වැඩිමහල් පුත්‍රයා ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත් කෙරෙන ලකුණු

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස අභාවප්‍රාප්ත අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි වැඩිමහල් පුත්‍රයා තෝරා ගැනෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මොජ්තබා කමේනි නම් ඔහු ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් බව ඉරාන මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කළා.
අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයක් අද පැවැත්වීමට නියමිත බව ද ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අවමංගල්‍ය උත්සවයක් අද දින ටෙහෙරානයේ පැවැත්වීමට නියමිත බවයි.
සෙනසුරාදා ආරම්භ වූ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයෙන් කමේනි ජීවිතක්ෂයට පත් වුණා.
අවමංගල්‍ය උත්සවය මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ දී පමණ ආරම්භ වීමට නියමිතයි. අවමංගල්‍ය උත්සවය මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ දී පමණ ආරම්භ වීමට නියමිතයි.
අවමංගල්‍ය උත්සවය දින තුනක් පුරා පැවැත්වෙනවා. කමේනි ඝතනය වුව ද ඉරානය සමග ඇමෙරිකා ඊශ්‍රායල යුද්ධය අද වන විට පස්වැනි දිනටත් දිග් ගැස්සෙමින් තිබෙනවා.
ඇමෙරිකාව පවසන්නේ ඉරානයේ ඉලක්ක 2000කට වැඩි ගණනකට ප්‍රහාර එල්ල කල බවයි.
හමුදා මර්මස්ථාන, රජයේ ගොඩනැගිලි, මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන, වරායන්, නෞකා සහ ගුවන් යානා ප්‍රහාරවල ඉලක්ක වී තිබුණා.
එමෙන්ම ඉරාන උත්තරීතර කවුන්සිලයේ ලේකම් කාර්යාල සංකීර්ණය ද නවතම ප්‍රහාරවලදී ඉලක්ක කෙරුණු බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය පැවසුවා.
කෙසේ වෙතත් ඉරනා මාධ්‍ය වාර්තා කළේ එම කාර්යාල සංකීර්ණය මේ වන විට භාවිතයෙන් අතහැර දැමූවක් බැවින් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි කිසිවෙකුත් නොසිටි බවයි.
මේ අතර පසුගිය සෙනසුරාදා ආරම්භ වූ ප්‍රහාර හේතුවෙන් ඉරනායේ මිය ගිය සිවිල් වැසියන් ගණන 1,097 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.
ඒ අතර අවුරුදු 10 ට අඩු ළමුන් 181 දෙනෙක් සිටින බවද අදාළ වාර්තාවේ සඳහන්.
තුවාල ලැබූ පිරිස 5000කට අධිකයි.

මේ අතර ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පසුගිය දින දෙක ඇතුළත පුද්ගලයින් 58,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන රජය පවසනවා.
ලෙබනන රජයේ වාර්තාවලට අනුව, පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ දකුණු ලෙබනනය සහ බේරූට් අගනුවර ආශ්‍රිත ප්‍රදේශවලින් මෙම පිරිස ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් ඇතැයි සඳහන්.

මේ අතර මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඊයේ සවස ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන් ජීවිත හානි සිදු නොවූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉරානය විසින් කටාර් දෙසට එල්ල කරන ලද තවත් බැලස්ටික් මිසයිලයක් සාර්ථකව ව්‍යර්ථ කළ බවද කටාර් ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.

මේ අතර සවුදි අරාබි ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා නවයක් විනාශ කර දැමූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධතිය වන Arrow 3 පද්ධති මගින් මිසයිල වායුගෝලයෙන් පිටතදීම විනාශ කරන අයුරු මෙලෙස සටහන්ව තිබුණා.

මේ අතර ඊශ්‍රායල් සතුරු මිසයිල විනාශ කිරීම සඳහා ලේසර් ආරක්ෂණ පද්ධතිය ද යොදා ගන්නවා.

මේ අතර ඩුබායි වෙත එල්ල වූ ප්‍රහාර කිහිපයක් ද ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් ව්‍යර්ථ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඩුබායි හි ඇමෙරිකානු කොන්සියුලර් කාර්යාලයකට එල්ල වූ ‌ඩ්‍රෝන ප්‍රහාරයකින් එහි ගින්නක් හට ගෙන තිබුණා.
මාර්කෝ රූබියෝ පැවසුවේ ගොඩනැගිල්ලේ වාහන නැවතුම් ස්ථානයකට ප්‍රහාරය එල්ල වූ බවයි.

මේ අතර ඉරාන ඔත්තුකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කටාර් රාජ්‍ය පවසනවා
සැකකරුවන් හත් දෙනෙකුට “ජාතික වැදගත්කමකින් සහ හමුදා යටිතල පහසුකම් පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා ඔත්තු බැලීමේ මෙහෙයුම් පැවරී තිබුණු බව එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළා.
සැකකරුවන් ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාවට සම්බන්ධ බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ලෝක වෙළෙඳපොළේ තවදුරටත් ඉහළ යමින් තිබෙනවා.
අද දිනයේ දී බ්‍රෙන්ට් සහ WTI බොරතෙල් බැරලයක මිල සියයට 3කින් වැඩි වුණා.
ග්‍රිනිච් වේලාවෙන් 7 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 84.07ක්.
ඇමෙරිකානු WTI ‌බොරතෙල් මිල ඩොලර් 76.8ක් ලෙස දැක්වුණා.
මේ අතර ගල්ෆ් කලාපයේ ගමන් කරන නෞකා සඳහා අමෙරිකානු රජය මගින් රක්ෂණාවරණයක් ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
අවශ්‍ය වුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ද අමෙරිකානු හමුදාවේ ආරක්ෂාව ද ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
මේ අතර මැදපෙරදිග උග්‍රවන ගැටුම් හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ ගෝලීය වෙළෙඳාමට ඇති වන බාධා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අවධානය යොමු කර තිබෙනවා.
මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතතාවය තවදුරටත් තීව්‍ර කළ හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු වනවා.

Share