එලෝන් මස්ක්ට ඩොලර් ට්‍රිලියනයක වැටුප් පැකේජයක්

ටෙස්ලා ප්‍රධානී එලොන් මස්ක් හට ඩොලර් ට්‍රිලියන 1 කට ආසන්න වටිනාකමක් ඇති වාර්තාගත වැටුප් පැකේජයක් කොටස් හිමියන් විසින් අනුමත කරනු ලැබුවා.

පෙර නොවූ විරූ වැටුප බ්‍රහස්පතින්දා පැවති සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී 75% ක ඡන්ද ප්‍රතිශතයකින් අනුමත කර තිබෙනවා.

දැනටමත් ලොව ධනවත්ම මිනිසා වන මස්ක්, වසර 10 ක් තුළ විදුලි මෝටර් රථ සමාගමේ වෙළඳපල වටිනාකම තියුනු ලෙස ඉහළ නැංවිය යුතුයි.

ඔහුගේ නව පැකේජය විවේචනයට ලක්ව ඇති, නමුත් ටෙස්ලා අධ්‍යක්ෂ මණ්ඩලය තර්ක කළේ එය අනුමත නොකළහොත් මස්ක් සමාගමෙන් ඉවත් විය හැකි බැවින් ඔහුව අහිමි කර ගැනීමට සමාගමට නොහැකි බවයි.

Share