උප්පැන්න සහතිකය නොමැති වීම දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට හේතුවක් නොවේ

උප්පැන්න සහතිකය නොමැති වීම දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට හේතුවක් නොවිය යුතු බැවින්, මේ වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් විය යුතු සියලුම දරුවන් පාසල්ගත කිරීමට කඩිනම් පියවර ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.
වතු ආශ්‍රිතව ජීවත්වන දරුවන් පිරිසකට උප්පැන්න සහතික නොමැති වීමෙන් පාසල්ගත වීමේදී මතුව ඇති ගැටලුව පිළිබඳ මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේ අමාත්‍යවරිය මේ බව සදහන් කළා.
එම දරුවන්ට උප්පැන්න සහතික ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Share