උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත්

දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

Share