තංගල්ල උණාකූරුවේ ද්විත්ව ඝාතනය සහ මීටියාගොඩ ඝාතනය කරන්දේණියේ සුද්දා විසින් මෙහෙය වා ඇති බව මුලික පොලිස් විමර්ශන වල දී අනාවරණය කරගෙන තිබෙනවා.
අම්බලන්ගොඩ මෝදර දේවල කමිටුවේ සභාපතිවරයා වන කරන්දේණියේ සුද්දාගේ ඥාතිවරයෙක් පසු ගිය 04 වන දින උණාකූරුවේ ශාන්තගේ පාර්ශවය විසින් වෙඩිතබා ඝාතනය කිරීමට පළිගැනිමක් ලෙස මෙම ඝාතන ත්‍රිත්වය සිදුකර ඇතැයි සඳහන්.
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේ වැව ඉදිරිපිට වෙළෙඳ සැලක් පවත්වා ගෙන ගිය යුවළක් ඉලක්ක කරගෙන ඊයේ පස්වරු 6.40 පමණ වෙඩි තබා තිබුණේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක්.
වෙඩි ප්‍රහාරයට ලක් වූ අඹු සැමි යුවළ රෝහල්ගත කරන විටත් මියගොස් තිබුණා.
ජීවිතක්ෂයට පත් වුණේ තංගල්ල, උණාකූරුව කපුහේන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 68 හැවිරිදි ජුවානා හැන්නදිගේ විජිතදාස සහ වයස අවුරුදු 58 හැවිරිදි පසික්කු හැන්නදිගේ පුෂ්පා යන අඹුසැමි යුවලයි.
ඝාතනය සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අද සිදුකරනු ලැබුවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘතදේහ පශ්චාත් මරා පරීක්ෂණය සඳහා තංගල්ල මූලික රෝහල වෙත යොමු කිරීමට නියෝග කෙරුණා.
විමර්ශන වල දි වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදීයී
එමෙන්ම ඝාතකයිනක් භාවිතා කල බවට සැක කෙරෙන හෙල්මට් 02ක්, ජැකට් 01ක්, සපත්තු ජෝඩුවක්, මේස් ජෝඩුවක්, ඩෙනිම් කලිසමක් සහ අත්දිග ෂර්ට් එකක් සොයාගෙන තිබෙනවා.
දික්වැල්ල, බතීගම ප්‍රදේශයේ දමාගොස් තිබිය දී මේවා හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන උණාකූරුවේ ශාන්තගේ මවගේ බාල සොහොයුරා සහ ඔහුගේ විවාහක බිරිඳයි.
මෙම ඝාතනය මෙහෙය වා ඇත්තේ කරන්දේනියේ සුද්දාගේ පර්ශවය සහ දෙහිබාලේගේ පාර්ශවය විසින් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ කරන්දේණියේ සුද්දාගේ ඥාතියකු වූ අම්බලන්ගොඩ මෝදර දේවලයේ දේවල කමිටුවේ සභාපතිවරයා පසුගිය 04 වැනිදා උණාකූරුවේ ශාන්තගේ පාර්ශවයට සම්බන්ධ මහඳුර නලින්ගේ පුත්‍රයන් දෙදෙනෙකු වන ඉසුරු සහ නිමාෂ විසින් වෙඩිතබා ඝාතන කිරිමයි.
මේ අතර ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය ලක් වූ , 45 හැවිරිදි කාන්තාව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහඳුර නලීන්ගේ නැගණිය බව අනාවරණය වී තිබෙනවා.
මෙම ඝාතනයද කරන්දේණියේ සුද්දාගේ පාර්ශවය විසින් මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනයන්ට අවශ්‍ය මෝටර් රථය හා යතුරු පැදි ලබාදී ඇත්තේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධ කරුවෙකු වන ගොත අසංක නැමැත්තා විසින් බවටද තොරතුරු හෙලිව ඇතැයි පොලිසිය පැවසුවා.
එමෙන්ම කරන්දෙනියේ සුද්දාගේ උපදෙස් පරිදි දෙහිගෙදර බාලේ මල්ලි විසින් ගිනි අවිය සපයා දි ඇති බව ද හෙලිව තිබෙනවා.
මේ අතර මිදිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි බවට සැක කෙරෙන පුද්ගලයකු බස්නාහිර පළාතේ උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී T-56 වර්ගයේ ගිනි අවියක් සහ ඔහු එම ස්ථානයට පැමිණිමට භාවිතා කළ යතුරු පැදිය ද පොලිස් භාරයට ගැණුනා.





