ඉන්ධන මිළ ඉහල යාමත් සමගම තම අස්වැන්න ප්‍රවාහනය කිරීමට අධික වියදක් දැරීමට සිදු වීම නිසා බරපතල ගැටලු රැසකට මුහුණ දී ඇතැයි උඩරට එළවළු ගොවීන් පවසනවා.
අලුත් අවුරුදු සමයේ කුකුල් මස් සහ බිත්තර මිල ඉහළ යෑමේ අවදානමක් සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.
ප්‍රවාහන වියදම් වැඩි වීමෙන් එළවලු ගොවීන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වනවා.
සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසන්නේ සත්ව ආහාර මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර මිළ ඉහළ යනු ඇති බවටයි.
අජිත් ගුණසේකර – සභාපති
සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය
මේ අතර දේශීයව නිපදවන භාණ්ඩවල මිලට වඩා ආනයනික භාණ්ඩ මිල අඩුු නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා





