ඊයේ ආරම්භ වු තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පරාජය කරමින් කඩුළු 6ක ජයක් රෝයල් චැලේන්ජර්ස් බැංග්ගලූරු කණ්ඩායමට

ලොව දැවැන්තම විස්සයි විස්ස ක්‍රිකට් සැණකෙළිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වැනි අදියර හෙවත් ඊයේ ආරම්භ වුණා.
තරගාවලියේ සමාරම්භක තරගයෙන්ම සන්රයිසස් හයිද්‍රාබාද් පරාජය කරමින් කඩුළු 6ක ජයක් ලබා ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංග්ගලූරු කණ්ඩායම සමත් වුණා.
මෙවරත් IPL තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් ⁣වෙතයි..

මෙවර IPL 2026 තරගාවලිය ආරම්භ වුණේ පෙර තරගාවලි හිදී දක්නට ලැබුණු මනස්කාන්තයේ සමාරම්භක උළෙලක් නොමැතිවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ තීරණයට හේතු වන්නේ පසුගිය වසරේ ජුනි 4 වැනිදා බැංගලෝරයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංග්ගලූරු කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීමේදී සිදුවූ අවාසනාවන්ත අනතුරෙන් 11 දෙනෙකු මිය යෑමයි.
ඒ අනුව බැංගලෝරයේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවති සමාරම්භක තරගයේ කාසියේ වාසිය දිනා ගත් රෝයල් චැලේන්ජර්ස් බැංග්ගලූරු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ආරාධනා කළා.
හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 201ක් රැස්කර ගත්තා.
ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉශන් ක්‍රිශන් පන්දු 38කින් ලකුණු 80යි

පන්දු යැවීමේදී ජේකබ් ඩෆි සහ රොමාරියෝ ෂෙපර්ඩ් අතරේ කඩුළු 3 බැගින් බෙදී ගියා.
ලකුණු 202ක ඉලක්කය රෝයල් චැලෙන්ජර්ස් බැංග්ගලූරු කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4ක් තුළදී කඩුළු 4ක් පමණක් දැවී සපුරා ගත්තා.
සාර්ථක ආරම්භයක් ලබා ගත් විරාත් කෝලි, නොදැවී ලකුණු 69ක් රැස්කර ගත්තා.
දේව්දත් පඩික්කල් ලකුණු 61යි.
පන්දු යැවීමේදී ඩේවිඩ් පේන් කඩුළු 2ක් දවා ගත්තා.
තරගාවලියේ දෙවැනි තරගය ලෙස මුම්බායී ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද මුම්බායී හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී එකිනෙකා හමු වනවා.

Share