ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරයේ පූර්ව සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ යන මහත්වරු අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.
නිල සංචාරයේදී ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මේ වනවිට අවසන් කර ඇති ඉන්දීය ආධාර ව්‍යාපෘති සහ ඉදිරියේදී ඇරඹීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

Share