විශාකාපට්නම් සිට ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවකින් බේලි පාලම් 10 ක තොගයක් කොළඹ වරායට ඊයේ රැගෙන ආවා.
ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ විසින් වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු ජනිත රුවන් කොඩිතුවක්කු වෙත මෙම ආධාරය නිල වශයෙන් භාර දුන්නා.
මෙම බේලි පාලම් 10, දිට්වා ප්‍රතිසංස්කරණය සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ඉන්දීය ප්‍රදාන ආධාරයේ කොටසක් ලෙස සපයනු ලබනවා.
ඉන්දියාව මීට පෙර ශ්‍රී ලංකාවට බේලි පාලම් හතරක් සපයා ඇති අතර, ඉන් දෙකක් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සහ දෙකක් මහනුවර-රාගල මාර්ගයේ ස්ථාපනය කර තිබෙනවා. දිට්වා ප්‍රතිසංස්කරණය සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ඉන්දීය ප්‍රදාන ආධාරයේ කොටසක් ලෙස බේලි පාලම් සැපයේ





