ඇමෙරිකානු රාජ්‍ය සේවා අකර්මන්‍ය වීම අවසන්

දින 43 ක් තිස්සේ පැවති එක්සත් ජනපද රාජ්‍ය සේවා අක්‍රියතාව අවසන් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට රජයේ අක්‍රියතාවය අවසන් කරන පනතට ඊයේ අත්සන් තබනු ලැබුවා
එක්සත් ජනපද කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය 222 ට 209 ක ඡන්ද ප්‍රතිශතයකින් රජයට අරමුදල් සැපයීම සඳහා ගෙන ආ පනත සම්මත කිරීමෙන් පසු, ඩිමොක්‍රටික් සභිකයින් හය දෙනෙකුගේ ද සහයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද පනතට අනුමැතිය පළ කරනු ලැබුවා.
එක්සත් ජනපද රජයේ අක්‍රියතාවය හේතුවෙන් ෆෙඩරල් සේවකයින් දහස් ගණනක් ගෙවුණු දින 43 පුරා වැටුප් නොමැතිව, නිවාඩු නොමැතිව සේවයේ යොදවන ලද අතර තවත් පිරිසක් සේවයෙන් පහ කෙරුණා
එසේම අරමුදල් නොලැබීම හේතුවෙන් ෆෙඩරල් වැඩසටහන්, රජයේ ආයතන සහ දෙපාර්තමේන්තුවල සේවා බොහොමයක් අක්‍රීය වී තිබුණා.

Share