ඇණවුම් කර තිබෙන ඉන්ධන තොග ඉදිරියේදී ලැබුණහොත් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම පවත්වාගෙන යාමට හැකියි

ඇණවුම් කර තිබෙන ඉන්ධන තොග ඉදිරියේදී ලැබුණහොත් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම පවත්වාගෙන යාමට හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
මාතර දිස්‍ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු අවධාරණය කළේ ඉදිරි උත්සව සමයේදී බලශක්තිය ඉතා අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කළ යුතු බවයි.

මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තුළ මෙරට ඉන්ධන ආනයනය කිරීමට මතුව ඇති ගැටලු සහ ඉදිරියේ දී මතුවිය හැකි ගැටලු හේතුවෙන් බලශක්ති අර්බුදයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව තිබෙනවා.
ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම, විදුලිය සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා රාජ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ මාලාවක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබුවේ මෙවන් පසුබිමකයි.
මාතර දිස්‍ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද මේ පිළිබඳ අවධානය යොමු වුණා.

Share