ආසියානු කුසලාන විස්සයි විස්ස නැගී එන තරු ශූරතාව දිනා ගැනීමට පාකිස්තාන ෂහීන්ස් කණ්ඩායම සමත් වුණා. බංග්ලාදේශ ඒ කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේ දී ලකුනු සමවීම හේතුවෙන් ජයග්‍රාහකයන් තීරණය කෙරුණේ සුපිරි පන්දුවාරයේ දී. කණ්ඩායම් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග කළ ආසියානු කුසලාන විස්සයි විස්ස නැගී එන තරු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා පාකිස්තාන ෂහීන්ස් කණ්ඩායම සහ බංග්ලාදේශ ඒ කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
දෝහා හීදී පැවති මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ ඒ කණ්ඩායමේ නායක අක්බර් අලී විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්ථාන ෂහීන්ස් කණ්ඩායමට ආරාධනා කළා.
නියමිත පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී පාකිස්ථාන කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 125ක් පමණයි.
ජයග්‍රහණය හඹා ගිය බංග්ලාදේශ ඒ කණ්ඩායමට අවසාන පන්දුවාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 7ක් අවශ්‍යවුණා.
සිව්වැනි පන්දුවේදී දුවද්දී දැවීයාමකට බංග්ලාදේශ පිතිකරුවන්ව හසු කර ගැනීමට අවස්ථාවක් හිමිවුවද, එය සාර්ථක කර ගැනීමට නොහැකිවීම නිසා තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගියා.
සුපිරි පන්දුවාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 6ක් පමණයි.
පකිස්තාන ෂහීන්ස් කණ්ඩායම පන්දු 4ක් තුළදී ජයග්‍රාහණය තමන් සතු කර ගත්තා.





