අල්ලස් ගත් පොලිසියේ 02ක් අත්අඩංගුවට

පොළොන්නරුව – අත්තනකඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 5,000ක්, අල්ලස් ලෙස ලබාගත් දියබෙදුම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එය නවතා වලංගු රියදුරු බලපත්‍ර හා ආදායම් බලපත්‍ර නොමැතිව, බීමත්ව ධාවනය කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර රක්ෂණ සහතිකය සහ කල් ඉකුත් වූ ආදායම් බලපත්‍රය යළි ලබාදීම සදහා මොවුන් අදාළ මුදල ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම සදහන් කළේ

Share