අයිස් කිලෝ 300ක් සමග 7ක් කොටුවෙයි

කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් හත්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර උතුර අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම වැටලීම කර ඇතැයි පොලිසිය පැවසුවා.බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ කිරින්ද පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කිරින්ද ප්‍රදේශයේ වැටලීමක් කර තිබුණේ මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ලද තොරතුරකට අනුවයි.
එහි දී අඳගල වැල්ල ප්‍රදේශයේ සඟවා තිබියදී මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 18 ක් සොයා ගැනෙ තිබෙනවා.
එහි තිබී අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව කිරින්ද පොලිසියේ නිලධාරියෙක් පැවසුවා.
එම මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම සැකකරුවන්ට අයත් ලොරි රථයක් සහ මෝටර් රථයක් ඇතුලු තවත් වාහන 4ක් ද පොලිස් භාරයට ගැණුනා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා මේ වන විට කිරින්ද පොලිසියේ රඳවා සිටින අතර බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාස විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

මේ අතර මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යල ශ්‍රවණාගාරයේ ඊයේ පැවති වැඩසටහනක දී අදහස් පල කළා.

Share