අමෙරිකානු ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන අත්හිටුවයි

අමෙරිකානු ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
ඒ, බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සහ MIT ආයතනයේ සිදුවූ දරුණු වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරු මෙම ලොතරැයි ක්‍රමය හරහා අමෙරිකාවට ඇතුළු වී ඇති බව අනාවරණ වීමත් සමයි.
තීරණය ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන තාවකාලිකව නවතන ලෙස එක්සත් ජනපද පුරවැසි සහ සංක්‍රමණ සේවා ආයතනය වෙත නියෝග කළ බවයි.
මෙම ප්‍රහාරවල සැකකරු ලෙස හඳුනාගත් 48 හැවිරිදි පෘතුගාල ජාතිකයෙකු වන ක්ලෝඩියෝ නෙවෙස් වැලෙන්ටේ නැමැත්තා 2017 වසරේදී මෙම වීසා ලොතරැයිය හරහා අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාගෙන තිබෙනවා.

Share