අනුරාධපුර නුවරවැව රක්ෂිත සීමා ලකුණු කර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව

අනුරාධපුර නුවරවැව වැව් රක්ෂිත ලකුනු කර වැව සුරැකීමේ වැඩපිළිවෙල කුමන බාධක පැමිණියද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවට අසාධාරණයක් නොවන පරිදි ගැටලුව විසඳීම සඳහා කැබිනට් අනු කමිටුවක් මෙන්ම ඔවුන්ට උපදෙස් ලබාදීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත් කර ඇති බවයි. අනුරාධපුර නුවරවැව ඇතුළු වැව් 23 ක රක්ෂිත සීමා ලකුණු කිරීම පසුගියදා ආරම්භ කළා.
අනුරාධපුර නුවරවැව රක්ෂිත සීමාව ලෙස මීටර් 88.5 ලෙස දක්වමින් මායිම් සලකුණු කිරීමත් සමග විශාල පිරිසක් රක්ෂිත සීමාවට අයත් වුණා.
මේ හේතුවෙන් ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ටීවී සුප්‍රීම් නිවුස් දිගින් දිගටම රටට කරුණු අනාවරණය කළා.
කවර බාධක පැමිණිය ද මෙම වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බවට කේ ඩී ලාල්කාන්ත අමාත්‍යවරයා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් නුවරවැව අවට පදිංචිකරුවන් පසුගිය ඉරිදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළා.

Share