විදේශිකයින් 147ක් අත්අඩංගුවට

කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී හලාවත ,ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක අන්තර්ජාල‍ය ඔස්සේ මූල්‍ය වංචා සිදු කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගත් පිරිස අතර චීන, මැලේසියානු හා වියට්නාම ජාතිකයින් ඇති අතර, සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 143 ක්, ඩෙක්ස්ටොප් පරිගණක 120 ක් සහ ජංගම දුරකථන 370 ක් ද සොයා ගැනුණා.
සැකකරුවන් අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share