අද ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල්

අද දින ඔත්තේ සහ ඉරට්ටේ භේදයකින් තොරව රථ වාහන සඳහා ඉන්ධන ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා
එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ ඊයේ සහ අද දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් ඉන්දන පිරවුම්හල් හිමියන් පවසන්නේ පසු ගිය දින වලට සාපේක්ෂව මේ වන විට ඉන්දන ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින්ගේ අඩුවක් ඇති බවයි.

මේ වන විට මාසයකටත් වඩා වැඩි කාලයක් පුරා පවතින මැදපෙරදිග ගැටුම්කාරී වාතවරණය හේතුවෙන් ලොව පුරා බලශක්ති අර්බුදයක් සහ සැපයුම් දාම බිඳ වැටීම් හේතුවෙන් ගැටලු රැසක් උද්ගතව තිබෙනවා.
එහි බලපෑම ශ්‍රී ලංකාවට පළමුව දැනුනේ මෑත ඉතිහාසයේ තියුණුම ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන්.
ඒ අනුව ඉන්ධන සැපයුම පිළිබඳ අවිනිශ්චිතතාව මත මෙරට ඉන්ධන සංචිත කළමනාකරණය සඳහා සියළුම වාහන සඳහා ඉන්දන ලබා දීම QR කේතයක් අනුව ලබා දීමට පියවර ගැනුනා
වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කලේ ඉන්ධන පෝලිම් අසල පෝලිම් අඩු නොවීම හේතුවෙන්
ඉන් අනතුරුව ඉන්දන පිරවුම් හල් අසල පෝලිම් නිර්මාණය වීමේ අඩුවක් දක්නට ලැබුනා
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසන්නේ උත්සව සමයට අවශ්‍ය තෙල් සංචිත රට තුල පවතින බවත් ඒවා කලමනාකරණය කර ගැනීමට ජනතාව කටයුතු කල යුතු බවයි

කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවල ඉන්දන හල් හිමියන් පවසන්නේ පෙර මෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම් වල රැඳී සිටීමට හෝ නොපැමිණෙන බවයි

මේ අතර අමෙරිකාව විසින් ලොව පුරා ව්‍යාප්ත කර ඇති යුද්ධයට විරෝධය දැක්වීම, වැඩි කරන ලද ඉන්ධන මිලට සහ විදුලි බිලට සහනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ජන අරගල ව්‍යාපාරය ඇඹිලිපිටිය සහ කරන්දෙනිය යන ප්‍රදේශ වල විරෝධතා පවත්වා තිබෙනවා

Share