ගෙවුණු පැය 07ක කාලය, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු අමරණිය පැය 07ක් බවට පත්වුණා.
වසර 50කට පසු මිනිසෙකු සඳ වටා ගිය ඒ ඓතිහාසික “චන්ද්‍ර සමීප පියාසැරිය” මේ වන විට ඉතාමත් සාර්ථකව අවසන් කර, ආටෙමිස් II ගගනගාමීන් සිව්දෙනා දැන් පෘථිවිය බලා සිය ආපසු ගමන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, ඓතිහාසික අභ්‍යවකාශ ගමනට මානුෂීය සලකුණක් සටහන් කරමින් රීඩ් වයිස්මන්ගේ අභාවප්‍රාප්ත බිරිඳ කැරොල්ට ගෞරව කරමින් පෘථිවියේ සිට පෙනෙන ආවාටයක් ඇගේ නමින් නම් කිරීමට ද යෝජනා කෙරුණා.
1970 දී ඇපලෝ 13 මෙහෙයුමේ ගගනගාමීන් පෘථිවියේ සිට සැතපුම් 248,655 ක් දුරට ගමන් කරමින් මානව ඉතිහාසයේ පෘථිවියෙන් ඈතටම ගිය මිනිසුන් ලෙස තබා තිබූ ලෝක වාර්තාව ආටෙමිස් II ගගනගාමීන් විසින් ඊයේ නිල වශයෙන් බිඳ දැමුවා.
පෘථිවියේ සිට සැතපුම් 252,756 ක අතිවිශාල දුරකට ගමන් කරමින්, හූස්ටන් පාලන මැදිරියේ සිට ගගනගාමීන් වෙත මානව ඉතිහාසයේ දුරම සිට යැවූ දිගම ඊමේල් පණිවිඩය යැවීමට පාලන මැදිරිය කටයුතු කළා.
මෙහෙයුමේ වඩාත්ම සංවේදී මොහොත වුණේ ඓතිහාසික දුර වාර්තාව තැබූ අවස්ථාවේදීයි.
එහිදී කතා කළ ජෙරමි හැන්සන්, සඳෙහි ඔවුන් දුටු අලුත් ආවාට දෙකකට නිල නොවන ලෙස නම් තැබීමට අවසර ඉල්ලා සිටියා.
ඉන් එක් නමක් ඔරායන් යානය සිහිවීමට Integrity ලෙසත්, අනෙක පිළිකාවක් හේතුවෙන් 2020 දී මියගිය තම අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්ගේ ආදරණීය බිරිඳ සිහිවීම පිණිස කැරොල් ලෙසත් නම් කිරීමට ඔහු යෝජනා කළා.
සඳ ආසන්නයට ලඟා වෙත්ම එහි වර්ණය එන්න එන්නම දුඹුරු පැහැයකට හුරු වන බව ගගනගාමීන් පැවසුවා.
සඳේ ඇති ඇතැම් කුඩා, දීප්තිමත් ආවාට පියවි ඇසට පෙනුණේ හරියට ලෑම්ප් ශේඩ් එකක තියෙන කුඩා සිදුරුවලින් එළිය විහිදෙනවා වගේ යැයි ක්‍රිස්ටිනා කෝච් පැවසුවා.
ඔරායන් යානය සඳේ පෘථිවියට නොපෙනන පැත්තට පිවිසීමත් සමග සියලු සබඳතා මුලුමනින්ම බිඳ වැටුණා.
එයද ඉතිහාසයේ දීර්ඝතම සන්නිවේදන බිඳවැටීමක් ලෙස සනිටුහන් කරමින් විනාඩි 40 ක කාලය පුරාවට පැවතියා.
පෘථිවි නැගීමත් සමග සබඳතාව යළි ස්ථාපිත කරමින් නිහඬතාව බිඳ දැමුවේ ක්‍රිස්ටින් කොච්
චන්ද්‍ර නිරීක්ෂණයේ අවසානයේ ඔරායන් යානය සූර්යයා සහ සඳ එක පෙළෙට පිහිටීමත් සමග පූර්ණ සූර්යග්‍රහණයක් නැරඹීමට ගගනගාමීන්ට අවස්ථාව සැලසුණා.
වික්ටර් ග්ලොවර් පැවසුවේ එය වචනයෙන් විස්තර කළ නොහැකි බවයි.
චන්ද්‍ර නිරීක්ෂණ කාලය අවසන් වීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සජීවීව යානය හා සම්බන්ධවෙමින් ආටෙමිස් II කාර්ය මණ්ඩලයට සුබ පැතුවා.
ඔහු එහිදී ගගනාගාමීන් සිව්දෙනාට ඔ්වල් කාර්යාලයට පැමිණෙන ලෙස ද ආරාධනා කළා.
සියල්ල සැලසුම් කළ පරිදිම සිදුවුවහොත්, ලබන සිකුරාදා රාත්‍රියේදී ඔවුන් පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබසිනු ඇති





