පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදු කරන ජල සැපයුම් කළමනාකරණ තීරණය අනුව හෙට පෙ.ව 08.00 සිට ප.ව. 8.00 දක්වා හෝමාගම කලාප අංක 02 යටතේ හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය, දියගම විශ්ව විද්‍යාලය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.





