මහනුවර වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණ තරුණියන් 27 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට තෙල්දෙනිය පොලීසිය සමත් වුනා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ 24 හැවිරිදි දියණියද සිටින බවට තොරතුරු අනාවරන වී තිබෙනවා.
එහිදී පිරිමි පුද්ගලයින් 22 සහ කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී අයිස්, හෑෂ්, කුෂ්, කොකේන් යන මත්ද්‍රව්‍ය ඇතුළුව තවත් මත්පෙති සහ නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද පොලීසිය භාරයට ගැනුනා.
සැකකරුවන් සහ සැකකාරියන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදා හැරීමට නියෝග කෙරුණා.





