පාකිස්තානයේ හිටපු බුද්ධි සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්ට වසර 14 ක සිර දඬුවමක්

රාජ්‍ය රහස් හෙලි කිරීම සහ දේශපාලනයට ඇඟිලි ගැසීම ඇතුළු චෝදනා මත පාකිස්තානයේ හිටපු බුද්ධි සේවා ප්‍රධානියාට හමුදා අධිකරණයක් විසින් වසර 14 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ දැනට සිරගත කර සිටින හිටපු ගමැති ඉම්රාන් ඛාන්ගේ දුරකාලය තුළ පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි ඒජන්සියේ ප්‍රධානියා වූ ෆයිස් හමීඩ්ටයි.
ඔහු 2019 සිට 2021 දක්වා, කාලය තුළ පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි ඒජන්සිය මෙහෙය වූවා
ඔහු ඛාන්ගේ දැඩි ආධාරකරුවෙකු ලෙස ප්‍රසිද්ධ වූ අතර, 2022 දී විශ්වාසභංගයකින් ඛාන් නෙරපා හැරීමෙන් ටික කලකට පසු පූර්ව විශ්‍රාම ලැබුවා
පාකිස්තානයේ ISI ප්‍රධානියෙකු යුද අධිකරණයකට ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි.
මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවයි ඔහුගේ නීතිඥවරයා කියා සිටියේ.

Share