ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් විවෘත කිරීමට ඉරානයට කළ තර්ජනයට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය “නව පර්සියානු ගල්ෆ් නියෝගයක්” ගැන අනතුරු අඟවනවා.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික විධානය X හි සටහනක් තබමින් සඳහන් කරන්නේ . “නව පර්සියානු ගල්ෆ් නියෝගය සඳහා නාවික හමුදාව මෙහෙයුම් සූදානම සම්පූර්ණ කරමින් සිටින බවයි.
හෝමුස් විවෘත කිරීම සඳහා ට්‍රම්ප් ලබා දුන් දින 10ක කාලසීමාව අදින් අවසන් වීමට නියමිතයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්දිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදුන් කාලය අද රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබියදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාව නව පර්සියානු ගල්ෆ් නියෝගය සඳහා මෙහෙයුම් සූදානම සම්පූර්ණ කරමින් සිටින බව නිවේදනය කර තිබෙනවා.
“හෝර්මුස් සමුද්‍ර සන්ධිය කිසි විටෙකත් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සඳහා ආපසු විවෘත නෙවන බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ
මේ අතර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ්-බාගර් ගලීබාෆ් ට්‍රම්ප්ගේ තර්ජනයට ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ “නොසැලකිලිමත් පියවර” “අපේ මුළු කලාපයම ගිනි තැබීමට නියමිත බවට අනතුරු අඟවා තිබෙනවා.
ගැටුමට එකම සැබෑ විසඳුම ඉරාන ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ මෙම භයානක ක්‍රීඩාව අවසන් කිරීම” බවයි ඉරාන කතා නායක ගලීබාෆ් සිය X සටහනෙන් අවධාරණය කරන්නේ.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට කාල සීමාවක් නියම කිරීමෙන් පසු ඉරානය ඊශ්‍රායලයේ හයිෆා වෙත නවතම ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
මිසයිල ප්‍රහාරය හයිෆාහි නේවාසික ගොඩනැගිල්ලකට පතිත වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඒ් සමගම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ නගර 12 කට පහර දුන් අතර, එම ප්‍රහාරවලින් ටෙහෙරානයේ බහරෙස්තාන් ප්‍රාන්තයේ පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. මියගිය අය අතර වයස අවුරුදු 10ට අඩු ගැහැණු ළමයින් සිව් දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ද වන බවයි පැවසෙන්නේ
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරුෂ වචනවලින් පිරුණු අවසාන නිවේදනයට රුසියාව ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ එක්සත් ජනපදය “අවසාන නිවේදනයේ භාෂාව” අතහැර සාකච්ඡා සඳහා නැවත පැමිණිය යුතු බවයි. “සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි නීති විරෝධී ප්‍රහාර” නතර කරන ලෙස ද රුසියානු විදේශ ඇමතිවරයා එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබුණා.
ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි සමඟ ට්‍රම්ප්ගේ අවසන් නිවේදනය සම්බන්ධයෙන් කරන ලද දුරකථන සංවාදයකින් පසු රුසියානු විදේශ ඇමතිවරයා මෙම ප්‍රකාශය නිකුත් කර ඇති අතර
ඊට පෙර රුසියාව විසින් බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයේ සේවයේ නිරතව සිටි රුසියානු කාර්ය මණ්ඩලය ඉවත් කරගැනීමට ද කටයුතු කර තිබුණා.





