හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

හොරොව්පොතාන ප්‍රාදේශිය සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් සහ විපක්ෂයේ නියෝජිතයින් අතර උණුසුම් තත්ත්යක් ඇති වුණා.
එහිදී ආණ්ඩු පක්ෂය කරන නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව හඬ නගමින් විපක්ෂයේ නියෝජිතයින් හඬ නැගූ අතර එහිදී ඇති වූ තත්ත්වයත් සමඟ සභාව පැය භාගයකින් කල් දැමීමට හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කටයුතු කළා.
එම අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභා රැස්වීම ආවරණය නොකරන ලෙසට ටීවි සුප්‍රීම් වාර්තාකරුට ප්‍රකාශ කළ අතර එහිදී පොලිසිය ද පැමිණ අප වාර්තාකරුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට බලපෑම් කළා.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභා රැස්වීම ඊයේ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙහිදී සභාව තුල උණුසුම් තත්ත්වයක් ඇති වූයේ හොරව්පොතාන ප්‍රාදේශ සභාව දූෂිතත බව විපක්ෂය විසින් හඩ නැගීමත් සමගයි.

හොරෝව්පොතාන ප්‍රාදේශීය සභාව මාලිමා පාලනය යටතේ පවතින්නක්.
රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්ෂයෙන් තේරී පත් වූ ස්වාධීන කණ්ඩායමේ ටී.එම්.නෞව්ෆර් මහතා සහාය පළ කිරීමත් සමග මාලිමාවට හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගැනීමට හැකිවුණා
ටී.එම් නෞව්ෆර් මේ වනවිට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරනවා.
මෙහිදී ගැටලුවක් මතු වූයේ ටී.එම් නව්ෆර් මහතාට කොන්ත්‍රාත් ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් මතයි.

මෙහිදී ටීවි සුප්‍රීම් වාර්තාකරු හොරොව්පොතාන ප්‍රාදේශීය සභා රැස්වීම ආවරණය කළේ එහි විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු ආරාධනාව මතයි
නමුත් මෙහිදී සභාපතිවරයා, සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ එම රැස්වීම ආවරණය නොකරන ලෙසට ටීවී සුප්‍රීම් වාර්තාකරුට බලපෑම් සිදුකළා.
පසුව පොලිසිය ද එම ස්ථානයට පැමිණ සභා රැස්වීමට මාධ්‍ය ආවරණය ලබා නොදෙන ලෙසටයි පවසා සිටියේ.

පසුව පොලිස් ආරක්ෂාව මත සභා වාරය ආරම්භ වූ නමුත් ටීවී සුප්‍රීම් වාර්තාකරුට එම රැස්වීම වාර්තා කිරීමට අවසර ලැබුණේ නැහැ
සභා රැස්වීම අවසන් වීමෙන් අනතුරුව හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.

ඉන් අනතුරුව හොරොව්පොතාන ප්‍රාදේශිය සභා සභාපති තරංග ප්‍රසාද් ජයවර්ධන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මාධ්‍යයට ඔවුන් තහනම් කලේ මාධ්‍ය සංදර්ශනයක් පෙන්වීමට විපක්ෂය සූදානම්ව සිටින නිසාවෙන් බවයි.

Share